press 2019.04.05 04වනාන්තර ගිණි ගැනීමක් හඳුනාගත් ඕනෑම අවස්ථාවක හැකි ඉක්මනින් වගකිය යුතු ආයතන දැනුවත් කරන ලෙස අතිරේක වන සංරක්ෂණ ජනරාල් ලාල් අඹේගුණසේකර මහතා විසින් මහජනතාවගෙන් ඉල්ලා සිටින ලදි. තවද වනාන්තර ගිණි තැබීම් සඳහා රු.ලක්ෂයේ සිට ලක්ෂ පහකට නොවැඩි දඩයකට යටත් වන බවත් හුදෙක් දඩුවමකට වඩා දැනුවත් කිරීම තුළින් වනාන්තර ආරක්ෂා කළ යුතු බවත් අතිරේක වන සංරක්ෂණ ජනරාල්තුමා පෙන්වා දෙන ලදි.
එසේම දැනට පවතින ප්‍රධාන ගැටළුවක් ලෙස වනානතර ගිණී තැබීම් හඳුනා ගෙන ඇති බවත් වන සංරක්ෂණ දෙපාර්තෙම්න්තු දිස්ත්‍රික් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකක, ත්‍රිවිධ හමුදාව හා පොලිස් විශේෂ කාර්ය බලකාය සම්බන්ධීකරණය කරගෙන මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කරන බව අවධාරණය කරන ලදි.

විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ ලැව් ගිණී හට නොගන්නා බවත් වනාන්තර ආශ්‍රිතව ඇති වන සියලුම ගිණී ගැනීම් මිනිස් ක්‍රියාකාරකම් හේතුකොට ගෙන සිදු වන බවත් එතුමා විසින් අවධාරණය කරන ලදි. පසුගිය කාල සීමාව තුළ මොණරාගල, බදුල්ල, මාතලේ වනාන්තර ආශ්‍රිත සිදු වු ගිණි ගැනීම් සියල්ල මිනිස් ක්‍රියාකාරකම් තුලින් සිදු වු බව අවධාරණය කොට පෙන්වා දෙන ලදි.
ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම තුළ ඇති වී තිබෙන බලපෑම කළමනාකරණය කිරීම පිළිබඳ මහජනතාව සිය අවධානය යොමු කළ යුතු බව එතුමන් විසින් පෙන්වා දුන් අතර ප්‍රධාන වශයෙන් වනාන්තර කොටස් 03 කට අයත් වන බව දක්වන ලදි. එ අනුව සංරක්ෂිත, රක්ෂිත හා වෙනත් ලෙස ශ්‍රී ලංකාවේ වනාන්තර කාණ්ඩගත වන අතර එය මුළු භූමී ප්‍රමාණයෙන් 29.7% බව පෙන්වා දෙන ලදි. මේනිසා පවතින වනාන්තර ආරක්ෂා කළ යුතු බව තව දුරටත් අවධාරණය කරන ලදී.

 

හදිසි ඇමතුම්

117
පොදු අංකය: +94 112 136 136
හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය:+94 112 136 222 /
+94 112 670 002
ෆැක්ස් අංකය: +94 112 878 052