அவசர எச்சரிக்கைகள்

rss

press 2019.04.05 03පවතින වියලි කාලගුණික තත්වය තුළ පුද්ගලයින්ට විවිධ හැකි සංකූලතා ඇතිවීම සෞඛ්‍ය අමාත්‍යාංශය බලාපොරොත්තු වු නිසා ඒ් සදහා අවශ්‍ය වන පෙරසුදානම් කටයුතු සැලසුම් කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. විශේෂයෙන්ම පවතින නියං කාළගුණික තත්වය සහ අධික උෂ්ණත්වය නිසා විවිධ රෝගාබාධ ඇතිවිය හැකි බව පෙන්වා දෙන අතර නියං කාළගුණික තත්වය සහ අධික උෂ්ණත්වය යන තත්වයන් දෙකේ දීම කුඩා ළමුන් වඩාත් බලපෑමට ලක්වන සෞඛ්‍ය අමාත්‍යාංයේ ආපදා කළමනාකරණ සම්බන්ධිකරණ ඒකයේ අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.
ජලය හිගකම නිසා පිරිසුදු ජලය අඩුවීමත් අපිරිසිදු ජලය පානය කිරීමට සිදුවීමත් අපේක්ෂා කළ හැකි බවත් ඒ් නිසා පාචනය වැනි රෝග තත්වයන් ද වැළදිය හැකි බව පෙන්ජවාදුන්ල ඒ්යෙ මහතා ජලය නිසා බෝවන රෝග අවම කර ගැනීම සදහා ජලය උනුකර පානය කිරීමට කටයුතු කරන මෙන් ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් පැවසීය.

ධික උෂ්ණත්වය නිසා ළමුන්, රෝගී පුද්ගලයන් මෙන්ම වයෝවෘද්ධ පිරිස් දැඩි හිරු රස්මියෙන් ආරක්ෂා වන ආකාරයට කටයුතු කරන මෙන් ඉල්ලා සිටින ලදී. විශේෂයෙන්ම ක්‍රීඩා කිරීමේ දී මෙන්ම කෘෂිකාර්මික කටයුතු වල නියැලී සිටීමේ දී දැඩි අවු රෂ්මිය නිරාවරණය වීමට ඉඩ කඩ සහිත ක්‍රියාවල යෙදෙන විට දැඩි අවු රෂ්මිය පිළිබදව සැලකිල්ලට ගත යුතු බවත් පැවසීය. දඩි උෂ්ණත්වයත් සමග අධික වෙහෙසකර තත්වයක් දැනේ නම් එම පරිසරයෙන් ඉවත් වී සෙවනක් ඇති තැනකට යන මෙන් ද අවශ්‍ය ප්‍රමාණයට ජලය පානය කරන මෙන් ද වෛද්‍ය හේමන්ත හේරත් මහාතා ජනතාවගෙන්පැ ඉල්ලා සිටින ලදී.

 

அவசர தொடர்புகள்

117
பொது.: +94 112 136 136
அவசர நடவடிக்கை நிலையம்:+94 112 136 222 /
+94 112 670 002
தொலைநகல்: +94 112 878 052