2019.04.05 02 press

උණුසුම් කාලගුණික තත්යට එලබෙන මැයි මායසේ දී ද බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක මහතා පවසයි. මේ දිනවල සුර්යා ශ්‍රී ලංකාවට මුදුන් වී ඇත. මේ තත්වය පහව යන්නේ අප්‍රේල් 15 වන බැවින් අධික සුර්ය ශක්තියක් දිවයිනට ලැබෙන බවත් ඒ නිසා දිවයින අවට ඇති ජලාශවල ජලය වාෂ්පීකරණයෙන් වීම නිසා වායුගෝලයට ජලවාෂ්ප වැඩි ප්‍රමාණයක් එකතු වෙන බවත් පෙන්වා දෙන ලදී.

ඒසේම මේ දිනවල සුළං හමන වේගය අඩු නිසා ජල වාෂ්ප වලින් වැසි වළාකුළු නිර්මාණය නොවන බවත් ජල වාෂ්ප පහළ වායුගෝලයේ සංසරණය වන බව පැවසීය. පහළ වායු ගෝලයේ සංසරණය වන මෙම ජල අංශු රත්වීමෙන් අධික රස්නයක් අපට දැනෙන බවත් පෙන්වා දෙන ලදී. මෙම අධික උණුසුම් කාලගුණික තත්වය රාත්‍රියේ ද පවතින බවත් මෙම තත්වය පහව යාමට නම් වැසි ඇතිවිය යුතු යැයි ද පැවසීය. 

නමුත් පවතින කාලගුණික තත්වයන් සළකා බැලු විට වර්ෂාව ඇතිවිමට තරම් වළාකුලු නිර්මාණය වන තත්වයක් දැකිය නොහැකි යි. ඒ නිසා සුලු වාර්ෂාපතනයක් වාර්තා වුව ද මෙම උණුසුම් කාලගුණික තත්වය එලබෙන මැයි මායසේ දී ද බලාපොරොත්තු විය හැකියැයි ද විශේෂයෙන්ම වයඹ, උතුරු සහ උතුරු මැද පළාත් වලට මෙම තත්යට වැඩිපුර බල පෑ හැකි අතර දිවයිනේ සෙසු පළාත් වලද පවතින්නේ අධික උෂ්ණ කාලගුණික තත්වයක් යැයි ඒ මහතා තවදුරටත් පෙන්වා දෙන ලදී.

 

 

அவசர தொடர்புகள்

117
பொது.: +94 112 136 136
அவசர நடவடிக்கை நிலையம்:+94 112 136 222 /
+94 112 670 002
தொலைநகல்: +94 112 878 052