හදිසි අනතුරු ඇඟවීම්

rss

Jaica Programme  galleface Hotelශ්‍රී ලංකාවේ “ප්‍රාදේශිය ආපදා අවදානම් අවම කිරීමේ සැලසුම් සකස් කිරීම” මඟින් අවශේෂ අවදානම් සඳහා ප්‍රාදේශීය මට්ටමින් ප්‍රති සූදානම වැඩි දියුණු කිරීම වෙනුවෙන් සංවිධානය කරන ලද නියමු වැඩ සටහනක් පසුගිය දා කොළඹ ගාලුමුවදොර හෝටලයේ දී පැවැත්විණි. කලුතර සහ රත්නපුර දිස්ත්‍රික් සදහා ප්‍රාදේශීය ආපදා අවදානම් අවම කිරීමේ සැලසුම් සකස් කිරීම වෙනුවෙන් පැවති මෙම වැඩමුලුව රාජ්‍ය පරිපාලන සහ ආපදා කළමානාකරණ අමාත්‍ය ගරු රංජිත් මද්දුම බණ්ඩාර අමාත්‍යතුමන් සහ ශ්‍රී ලංකා ජපාන තානාපති අකිරා සුගියාමා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. රාජ්‍ය පරිපාලන සහ ආපදා කළමානාකරණ අමාත්‍යාංශ ලේකම් ජේ ජේ රත්නසිරි, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය එස් අමලනාදන්, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජෙනරාල්, වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් සහ රත්නපුර සහ කලුතර දිස්ත්‍රික් පළාත් පාලන ආයතන නියෝජිතයින් ඇතුලු පිරිසක් මෙම වැඩමුලුව සදහා සහභාගී විය.

2020 වන විට සියළු රජයන් විසින් ඉටුකිරීමට අපේක්ෂිත ප්‍රාදේශීය වශයෙන් ආපදා අවදානම අවම කිරීමේ (DRR) සැලසුම් විකාශය කිරීම සඳහා පහත පියවර අට (08) ජපන් ජාත්‍යන්තර සහයෝගීතා සංවිධානය (JICA) මඟින් හඳුන්වා දී ඇති අතර ඊට අනුගතව ශ්‍රී ලංකාව තුළ ද ස්ථිරසාර වැඩ පිළිවෙලක් හඳුන්වාදීම “ප්‍රාදේශිය ආපදා අවදානම් අවම කිරීමේ සැලසුම් සකස් කිරීම” මඟින් අවශේෂ අවදානම් සඳහා ප්‍රාදේශීය මට්ටමින් ප්‍රති සූදානම වැඩි දියුණු කිරීම වෙනුවෙන් සංවිධානය කරන ලද නියමු වැඩ සටහනක් යටතේ ක්‍රියාත්මක වැඩ සටහන යටතේ බලාපොරොත්තු වේ.

පියවර : 01. උපද්‍රව තහවුරු කර ගැනීම. 02. ප්‍රාදේශීය ආපදා අවදානම් වටහා ගැනීම. 03. ජාතික හා ඉහළ බලධාරීන්ගේ DRR වැඩ පිළිවෙත් තහවුරු කිරීම. 04. කාල අවකාශයන්/පරායනයන් සැළකිල්ලට ගෙන අවශේෂ අවදානම් හඳුනා ගැනීම. 05. අවශේෂ අවදානම් අඩු කිරීම පිණිස DRR වැඩ පිළිවෙත් සැළකිල්ලට ගැනීම. 06. ප්‍රමුඛතාකරණය කල DRR වැඩ පිළිවෙත් සමඟ ප්‍රාදේශීය DRR සැලැස්ම විකාශනය කිරීම. 07. ජාතික සහ පළාත් වැය ශීර්ෂයන් මඟින් ප්‍රතිපාදන වෙන් කිරීම. 08. DRR වැඩ පිළිවෙත් ක්‍රියාත්මක කිරීම හා DRR සැලැසුම් කලින් කලට සමාලෝචනය කිරීම.

එසේම ලෝකයේ බොහෝ රටවලට අනපේක්ෂිත බලපෑම් ඇති කරන ස්වභාවික හා මිනිසා විසින් සිදු කරන ආපදා තත්ත්වයන් මඟින් ජීවිත හා දේපලවලට සිදු වන හානි මේ වන විට වර්ධනය වෙමින් පවතී. නාගරීකරණය, කාර්මීකරණය සහ කාලගුණික විපර්යාසයන් මේ සඳහා සෘජු බලපෑම් ඇති කරන අතර එය ආපදා අවදානම් වර්ධනය වීමට ද හේතු වී ඇත. ශ්‍රී ලංකාව නිවර්තන කලාපීය රාජ්‍යයක් වීම හා විවිධ වූ භූ විෂමතා ලක්ෂණයන්ගෙන් යුක්ත වීම හේතුවෙන් බහු ආපදා තත්ත්වයන් නිර්මාණය වීම හා ඊට සමගාමීව අවශේෂ ආවදානම් ලෙස ගල්, පස් හා ගස් කඩා වැටීම්, දියේ ගිලීම්, පස් සේදී යාම, රොන් මඩ තැන්පත් වීම, අකුණු අනතුරු, පානීය ජල හිඟය, වසංගත පැතිරීම මෙන්ම කාර්මික හා අනෙකුත් අපද්‍රව්‍ය ජලයට මුසුවීම වැනි අවදානම් ද හඳුනාගත හැකි අතර මෙම සාධක හේතුවෙන් 2018 වසර අවසාන භාගය වන විට දේශගුණ විපර්යාස හේතුවෙන් ආපදා අවදානම් වැඩිම රටවල් අතර දෙවන ස්ථානය ජාත්‍යන්තරය විසින් ලංකාවට හිමිකර දී ඇත.

2004 සුනාමි ව්‍යසනයෙන් පසු ආපදාවට පෙර සූදානමක් ලෙස 2005 අංක 13 දරණ ශ්‍රී ලංකා ව්‍යසන කළමනාකරණ පනත හඳුන්වා දුන් අතර එමඟින් පැවරී ඇති නීතිමය ප්‍රතිපාදන අනුව රටේ මහජනතාවට බලපාන ආපදා අවදානම අවම කිරීම සඳහා මෙන්ම හදිසි ආපදා තත්ත්වයන් හී දී කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව අදාළ පාර්ශවයන් දැනුවත් කිරීම, පූර්ව සූදානම, අවදානම අවම කිරීම හා ඒ සඳහා වූ ජාතික හා ජාත්‍යන්තර වශයෙන් වන සම්මුති අනුව වැඩසටහන් ක්‍රියාත්මක කිරීම හා සම්බන්ධීකරණය කිරීම, ජාතික ව්‍යසන කළමනාකරණ කවුන්සිලයට, රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශයට සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට පැවරී ඇත.

තවද මේ වන විට, ආපදා අවදානම අවම කිරීම සම්බන්ධයෙන් ගෝලීය යාන්ත්‍රණයක් ලෙස 2015 වර්ෂයේ “ආපදා අවදානම අවම කිරීමේ සෙන්දායි රාමුව 2015-2030” හදුන්වා දී ඇති අතර එමගින් ස්වභාවික හා මිනිසා විසින් සිදුකරනු ලබන උපද්‍රව මෙන්ම ඒ ආශ්‍රිත පාරිසරික, තාක්ෂණික සහ ජෛව විද්‍යාත්මක උපද්‍රව හා අවදානම් මගින් සිදු විය හැකි කුඩා හා විශාල පරිමාණයේ, නිතර සිදුවන සහ නිතර සිදු නොවන, හදිසි සහ හෙමින් සිදුවන, වැනි සියළු ආපදාවන් සදහා රජයන්ගේ අවදානය යොමු කර ඇත.

මෙහි ප්‍රධාන අරමුණු ලෙස, නව ආපදාවන් වැළැක්වීම සහ පවත්නා ආපදා අවදානම් අවම කිරීම සඳහා උපද්‍රව වලට නිරාවරණය වීම වැළැක්වීම සහ ආපදාවලට ගොදුරුවීම අවම කරන ප්‍රතිචාරය සහ ප්‍රතිසාධනය සඳහා පෙර සූදානම ඉහළ නංවන සහ ඔරොත්තුදීම ශක්තිමත් කරන ආර්ථික, ව්‍යූහාත්මක, නෛතික, සමාජීය, සෞඛ්‍යමය, සංස්කෘතික, අධ්‍යාපනික, පාරිසරික, තාක්ෂණික, දේශපාලනමය සහ ආයතනික වශයෙන් ඒකාබද්ධ හා සැවොම ඇතුළත් ක්‍රියාමාර්ගයන් ක්‍රියාත්මක කිරීම හඳුනාගෙන ඇත.

මෙම ක්‍රියාත්මක ව්‍යූහය මඟින් ආපදා අවදානම අවබෝධ කර ගැනීම, පරිපාලනය ශක්තිමත් කිරීම හා ඒ සඳහා ප්‍රතිපාදන ලබාදීම තුළින් වඩාත් ශක්තිමත් පරිසරයක් ගොඩනැඟීම සඳහා ප්‍රමුඛතාවයක් ලබාදීම අදහස් කර ඇති අතර ඒ අනුව ගෝලීය වශයෙන් හඳුනාගත් ඉලක්කයන් හත (07) අතර වසර 2030 වන විට ආපදා හේතුවෙන් ඇති වන පුද්ගල මරණ සංඛ්‍යව, හානියට පත්වන පුද්ගලයින් සංඛ්‍යාව, ආර්ථිකයට හා යටිතල පහසුකම් සඳහා වන හානිය අවම කිරීම ද මේ සඳහා තිරසාර සහායන් ලබාදෙන ජාත්‍යන්තර සහයෝගීතාව ආයතන තවදුරටත් පුලුල් කිරීම ද බහු උවදුරු සහ පූර්ව අනතුරු හැඟවීම්, ආපදා අවදානම පිළිබඳ තොරතුරු සියළු ජන කොටස් වෙත ප්‍රවේශ වීමට ඇති හැකියාව වැඩි දියුණු කිරීම ද ඉලක්ක කොට ඇති අතර ඊට අමතරව, වසර 2020 වන විට ජාතික හා ප්‍රාදේශීය සංහිඳියාවකින් ආපදා අවම කිරීමේ ක්‍රමෝපායන් සහිත රටවල් සංඛ්‍යාව ඉහළ දැමීම ද ඉලක්ක ගත කර තිබේ.

තවද, මෙම ගෝලීය යාන්ත්‍රණය මඟින් මෙම ක්‍රියාවලිය සඳහා මඟපෙන්වීමේ මූලධර්ම 13ක් හඳුන්වාදී ඇති අතර එහිදී “ආපදා අවදානම වැළැක්වීම සහ ඒ සඳහා සහයෝගය ලබාදීම” රජයන්ගේ මූලික වගකීමක් බවත් එම මුලික වගකීම ප්‍රධාන වශයෙන් මධ්‍යම රජය හා මධ්‍යම රජයේ ආයතන අතර බෙදා ගත යුතු බවත්, මේ සඳහා ක්‍රියා මාර්ගයන් ගැනීමේ දී මානව අයිතීන් සහ ඔවුන්ගේ සංවර්ධනය වීමේ අයිතීන් ආරක්ෂා කළ යුතු බවත්, මෙය සමාජයේ සියළු දෙනාගේම සහභාගීත්වය ලබා ගැනීම මඟින් සිදු කල යුතු බවත්, ඒ සඳහා වන සම්පත්, දිරිගැන්වීම් සහ තීරණ ගැනීමේ වගකීම් ලබාදීම තුළින් නිසි පරිදි පළාත් පාලන ආයතන සහ ප්‍රජාව බල ගැන්විය යුතු බවත්, විවිධ ක්ෂේත්‍රයන් අතර ආපදා අවදානම අවම කිරීම සඳහා ක්‍රියා කිරීමේ දී තිරසාර සංවර්ධන සැලසුම් (SDGs), ක්‍රමවේද සහ අනෙකුත් යාන්ත්‍රණ පිළිබඳව ද පැහැදිලි වැටහීමකින් ක්‍රියා කල යුතු බවත්, පසු ආපදා ප්‍රතිචාර දැක්වීමේදී සහ ප්‍රතිපාදන වෙන් කිරීමේදී ඵලදායී ආයෝජනයක් ලෙස යොදාගනිමින් ක්‍රියා කල යුතු බවත්, සංවර්ධිත රටවල් හා හවුල් කරුවන්ගේ සහයෝගය සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා ලබාදීමේ දී ඔවුන් විසින් හඳුනාගෙන ඇති ප්‍රමුඛතාවයන් සහ අවශ්‍යතාවයන් අනුව එය සිදු විය යුතු බවත් මූලිකවම මූලධර්ම ලෙස හඳුන්වා දී ඇත.

හදිසි ඇමතුම්

117
පොදු අංකය: +94 112 136 136
හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය:+94 112 136 222 /
+94 112 670 002
ෆැක්ස් අංකය: +94 112 878 052