|
|
|
2012 ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ප්‍රගති සමාලෝචන සැසිය ආපදා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සියළුම මාණ්ඩලික නිලධාරින්ගේ සහභාගිත්වයෙන් 2012 වසරේ ප්‍රගති සමාලෝචන සැසිය පසුගිය ජනවාරි 19 හා 20 වන දිනයන්හි කොළඔ 07, කොබ්බෑකඩුව ගොවි පර්යේෂණා ආයතනයේ ශ්‍රවනාගාරයේදි පැවැත්විය. ඊට සහභාගිවු ගරු අමාත්‍යතුමා ආපදා කළමනාකරණ අමාත්‍යංශයේ ලේකම් එස්.එම්.මොහොමඩ් මහත්මිය, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජනරාල් ගාමිණි හෙට්ටිආරච්චි(විශ්‍රාමික) ඇතුළු නිලධාරි පිරිසෙන් කොටසක් මෙම ඡායාරූපයේ දැක්වේ.
|
|
සාක් චිත්‍ර තරගාවලියේ ජයග්‍රාකයින්ට සහතික ප්‍රධානය කෙරේ. මගේ නගරය,මගේ අනාගතය සහ සාක් කලාපීය නගර ආපදාවලින් සුරක්ෂිත කිරිම මැයෙන් සාක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය හා ශ්‍රි ලංකාවේ ආපදා කළමණාකරන මධ්‍යස්ථානය ඒකාබද්ධව, අධ්‍යාපන අමාත්‍යාංශයේ මෙහෙයවිමෙන් පවත්වන ලද දීප ව්‍යාප්ත චිත්‍ර තරගයේ ජයග්‍රාහකයන්ට ත්‍යාග හා සහතික ප්‍රධානය පසුගිය ජනවාරි 19 වන දින ආපදා කළමණාකරන අමාත්‍ය මහින්ද අමරවීර මහතා අතින් කොබ්බෑකඩුව ගොවි පර්යේෂණ ආයතනයේ ශ්‍රවණාගාරයේදි සිදුකෙරින. මෙම තරගයෙන් පළමු ස්ථානය ලැබු ගාල්ල සවුත්ලන්ඩ්ස් විද්‍යාලයේ බිනෙත්මා වර්ණකුල වීරසුරිය,දෙවන ස්ථානය ලැබු කෑගල්ල ස්වරණ ජයන්ති මහාවිද්‍යාලයේ චමෝදි මධුෂිකා විමල් සුරිය,තෙවන ස්ථානය ලැබු කෑගල්ල ස්වර්ණ ජයන්ති මහාවිද්‍යාලයේ සයුරි විහාරා රාජපක්ෂ යන ශිෂ්‍යාවන් අමාත්‍යවරයා අතින් සහතික පත්‍ර හා ත්‍යාග පිරිනැමුණ ආකාරය.
|
|
ජාතික ආරක්ෂිත දින සැමරුම මෙවර ජාතික ජාතික ආරක්ෂිත දින සැමරුම ශ්‍රි ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජයේ ගරු. අමාත්‍ය දි.මු. ජයරත්න මැතිතුමන්ගේ ප්‍රධානාත්වයෙන් මඩකලපුව කාන්තන්කුඩි සංස්කෘතික මධ්‍යස්ථානයේදි පසුගිය දෙසැම්බර් 26 වැනිදා ඉතා උත්කර්ෂවත් ආකාරයෙන් පැවැත්විය. මෙම අවස්ථාවට ආපදා කළමනාකරණ ගරු.අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමා, නියෝජ්‍ය ආමාත්‍ය ඩුලිප් විජේසේකර මැතිතුමා, කාන්තා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එල්.එල්.ඒ.එස් .හිස්බුල්ලා,නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රියද් අද්මිරාල් මොහාන් විජේවික්‍රම, ප්‍රධාන අමාත්‍ය ශිවනේෂන් චන්ද්‍රකාන්ත නියෝජ්‍ය අමාත්‍ය විනයාගමුර්ති මුරලිදරන් යන මැතිඇමතිවරුන් සමග ආපදා කළමණාකරන අමාත්‍යංශයේ ලේකම් එස්.එම්. මොහමඩ් හා ආපදා කළමණාකරන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් ගාමිණි හෙට්ටිආරච්චි යන මහත්ම මහත්මීන්ද සහභාගි විය.
|
|
පුර්ව සුනාමි අනතුරු දැනුම් දීම දිවයිනේ වෙරළ තීරය ආවරණය වන පරිදි දිස්ත්‍රික්ක 14ක් තුල ස්ථාපිත කර ඇති පුර්ව සුනාමි පෙර අනතුරු දැනුම් දීමේ කුළුණු 08ක් ක්‍රියාත්මක කරමින් පසුගිය දෙසැම්බර් 20 වන දින සාර්ථක පෙර හුරුවක් සිදුකලේය. ආපදා කළමණාකරන මධ්‍යස්ථානයේ මෙහෙයවීම යටතේ සිදුකල මෙම පෙරහුරුව සදහා වෙරළ තීරයේ නිවැසි ජනතාවගේ පූර්ණ සහාය ලබාදීම විශේෂයකි
|
|
මෙවර ජාතික ආරක්ෂිත දින ජාතික උත්සවය මඩකලපුවේදි 2006 වර්ෂයේ සිට වසර 06ක කාලයක් අඛණ්ඩව සමරන ජාතික ආරක්ෂිත දින උත්සවය මෙවර මඩකලපුව කාන්තන්කුඩි සංස්කෘතික මධ්‍යස්ථානයේදි දෙසැම්බර් 26 වන සදු දින පෙ.ව.9.00 සිට 12.00 දක්වා ගරු ආපදා කළමණාකරන අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමන්ගේ ආරාධනයෙන් ගරු අග්‍රාමත්‍ය දී.මූ.ජයරත්න මැතිතුමන් ගේ ප්‍රධානත්වයෙන් සිදුකිරිමට නියමිතයි.
|
|
නිරන්තරව මුහුදු කෑමට ලක්වන පුත්තලම මුහුදු කටුව ප්‍රදේශයේ වෙරළ සංරක්ෂණය සදහා ස්ථිරසාර වැඩපිළිවෙලක් රජය විසින් සැලසුම් කර ඇති අතර පසුගියදා ආපදා කළමණාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින්අදාළ ප්‍රදේශ හා මුහුදු ඛාදනනය නිසා අවතැන් වු ජනතාවගේ සුවදුක් බැලිම සදහා එම ප්‍රදේශයේ සංචාරයක නිරතවිය.
|
|
නියගයෙන් පීඩාවිදිමින් කෘෂිකර්මාන්තයේ යෙදෙන ගොවින් සදහා විසිර ජල කට්ටල බෙදාදීමේ උත්සවයක් පසුගියදා පුත්තලම හා මොනරාගල දිස්ත්‍රික්කවල පැවති අතර ආපදා කලමණාකරණ අමාත්‍ය මහින්ද අමරවීර සමතා විසින් පුත්තලම විසිර ජලකට්ටල 17ද මොනරාගලට 22 ද වශයෙන් බෙදාදීමට ක්‍රියාකලේය.
|
|
ආපදා අවධානම් අවම කිරිමේ තුන්වන ලෝක සමුළුව පසුගියදා ස්විට්සර්ලන්තයේ ජීනිවාහිදි පැවැත්වූ අතර ඊට ශ්‍රීලංකාව නියෝජනය කරමින් ආපදා කලමණාකරන අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඇතුළු නියෝජිතයින් පිරිසක් සහභාගී විය. ඡයාරූපයේ දැක්වෙන්නේ අමාත්‍ය මහින්ද අමරවීර මහතා හා අමාත්‍යාංශයේ ලේකම් එස්.එම්. මොහොමඩ් මහත්මිය සමුළුවට සහභාගී වු අවස්ථාවයි.
|
|
පසුගිය දිනවල ඇතිවු වර්ෂාව හේතුකොට ගෙන රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ ගණනාවකට ගංවතුර තත්ත්වයක් උද්ගතවු අතර, එම ප්‍රදේශවන ජීවත් වන පවුල්වලට අත්‍යවශ්‍ය සේවාවන් සැපයීමේ සාකච්ජාවක් ආපදා කළමණාකරණ අමාත්‍ය මහින්ද අමරවිර මහතාගේ ප්‍රධානත්වයෙන් රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැත්වීය. ඡායාරූපයේ දැක්වෙන්නේ රත්නපුර ඇලපාත ප්‍රදේශයේ ගංවතුරෙන් අවතැන් වු පවුල් සදහා අමාත්‍යවරයා විසින් අත්‍යාවශ්‍ය භාණ්ඩ ප්‍රධානය කරන ආකාරයයි. මෙම අවස්ථාවට විදුලිබල නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර මහතාද සහභාගී විය.
|